Uncategorized

ICC ළාබාලතම සභාපතිවරයා ජේ ෂා

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (ICC) මීළඟ සභා­ප­ති­ව­රයා ලෙස ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා මහතා ඊයේ නිත­ර­ග­යෙන් තේරී පත් විය. 35 හැවි­රිදි ජේ ෂා මහතා ලබන දෙසැ­ම්බර් 1 දා සිට ඩුබා­යිහි පිහිටි අයි­සීසී මූල­ස්ථා­නයේ වැඩ භාර ගැනී­මට නිය­මිත අතර, එලෙස පත්වූ ළාබා­ල­තම අයි­සීසී සභා­ප­ති­ව­රයා ලෙස ඉති­හා­ස­ගත වනු ඇත. ජේ ෂාගේ අයි­සීසී පත්වීම තුළින් ලෝක ක්‍රිකට් ක්‍රීඩා­වේදී ඉන්දි­යා­වට තවත් බල­යක් ලැබී ඇත‍.

දෙව­රක් අයි­සීසී සභා­පති බවට පත්වූ නව­සී­ලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ මහ­තාගේ කාලය ලබන දෙසැ­ම්බර් මාස­යේදී අව­සන් වන බැවින් සභා­පති තන­තුර සඳහා නාම­යෝ­ජනා කැඳවූ අතර, ජේ ෂා මහ­තාට ඉඩ ලබා දෙමින් වෙනත් කිසි­වකු ඒ සඳහා ඉදි­රි­පත් නොවීය.

2019 සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ ලේක­ම්ව­රයා වූ ජේ ෂා මහතා අයි­සීසී සභා­ප­ති­ව­රයා ලෙස පත්වී­මත් සමඟ මාධ්‍ය අමතා ටෙස්ට් ක්‍රික­ට්වල වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර­මින්, ගෝලීය ක්‍රිකට් සඳහා ඔහුගේ ඇති දැක්ම පිළි­බ­ඳව නිර්භීත ප්‍රකා­ශ­යක් කළේය.

“ක්‍රිකට් ක්‍රීඩාව වේග­යෙන් ඉදි­රි­යට ගලා යනවා. ෆ්‍රැන්ච­යිස් ලීග් ජාත්‍ය­න්තර ක්‍රීඩා­වට, විශේ­ෂ­යෙන් ටෙස්ට් ක්‍රික­ට්ව­ලට තර්ජ­නය කර­නවා. ටෙස්ට් ක්‍රිකට් ප්‍රව­ර්ධ­නය කිරීම අපේ විශාල වග­කී­මක්. ක්‍රිකට් ක්‍රීඩාව වෙන කව­ර­දා­ටත් වඩා ජන­ප්‍රිය කිරීම මගේ අර­මු­ණයි” ජේ ෂා මහතා පැව­සීය. ජේ ෂා මහ­තාගේ යෝජ­නා­වක් අනුව මෑත­කදී ටෙස්ට් ක්‍රිකට් සඳහා ඉන්දීය ක්‍රීඩ­ක­යන්ට විශාල මුදල් දිරි­ගැ­න්වීම් ලබා දී තිබීම ද විශේ­ෂ­ත්ව­යකි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන විස­ඳු­මක් ඉදි­රි­පත් කිරීම ඔහුගේ විශි­ෂ්ට­තම සේවා­වෙන් කොට­සක් වනු ඇතැයි දැන­ට­මත් අනා­වැකි පළ­වෙ­මින් තිබීම විශේ­ෂ­ත්ව­යකි. එමෙන්ම ඔහුගේ නව කැප­වීම 2028 ඔලි­ම්පික් උලෙ­ළේදී ආරම්භ වීමට නිය­මිත ක්‍රිකට් ක්‍රීඩාව සමඟ විශාල පරි­ව­ර්ත­න­යක් වනු ඇතැයි පැවසේ. 2028 ලොස් ඇන්ජ­ලීස් ක්‍රීඩා උලෙ­ළට වසර 128කදී නොපැ­මිණි ක්‍රිකට් ඔලි­ම්පික් වෙත පැමි­ණීම දැක­ගත හැකි වේ.

ලොව ධන­වත්ම ක්‍රිකට් ආය­ත­නය බවට පත් වෙමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය 2023 වසරේ ඉන්දීය රුපි­යල් කෝටි 5120කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 18282ක්) අධික මුද­ලක් උප­යා­ගත් අතර, එහි ගෞර­වය ද ජේ ෂා වෙත හිමිවේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *