Latestදේශීය

තවත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

මතුගම පොලීසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියට අනුයුක්තව මතුගම අධිකරණයේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙකි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරුපැදියක් මුදාහැරීම සඳහා සහායවීමට මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *