දියණිය පිළිස්සූ පියා අත්අඩංගුවට
ගිනි කුරක් දල්වා 12 හැවිරිදි බාල වයස්කාර තම දියගේ මුහුණ පුළුස්සා පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ පියා ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
මෙම සිද්ධියෙන් තුවාල ලද දැරිය ප්‍රතිකාර සදහා දියතලාව මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය ලියන්ගහවෙල ප්‍රදේශයේ පාසලක හත වසරේ අධ්‍යාපනය හදාරන බවද පොලිසිය පවසයි.
දැරියගේ මව තේ කර්මාන්ත ශාලාවක සේවය කරන අතර හය හැවිරිදි නැගනියක මෙම සිද්ධියට මුහණ දුන් දැරියට සිටින බවද වාර්තාවේ .
බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

