Latestවිදේශීය

හුතී සටන්කරුවන් අල්ලා ගත් තෙල් නැව ගිනි තබයි

යේමනයේ හූති සටන්කාමීන් විසින් රතු මුහුදේදී අල්ලා ගත් ශ්‍රීක තෙල් නෞකාවේ දර්ශන ප්‍රසිද්ධ කර ඇතැයි අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම මස මුලදී සටන්කාමීන් විසින් Sounion නම් නෞකාව මෙලෙස අත්පත් කර ගෙන තිබුණි.

ඒ අනුව නිකුත් කර ඇති දර්ශන අනුව නෞකාවේ මතුපිට පිපිරීම් මාලාවක් සිදුවන ආකාරයක් දක්නට ලැබේ.

මෙම දර්ශන බ්‍රහස්පතින්දා නිකුත් කර ඇත.

පාරිසරික ව්‍යසනයක් ඇති කළ හැකි සහ කලාපයේ නාවික ගමනාගමනයට අවදානමක් ඇති කළ හැකි ග්‍රීක ධජය සහිත නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් පිළිබඳ ජාත්‍යන්තර බිය මේවන විට ඇතිව තිබේ. මෙම නෞකාව බොරතෙල් බැරල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් සිට ඇතැ යි සදහන් වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *