Latestදේශීය

ඇයි කෙහෙළිය බැල්කනියෙන් පැන්නේ ?

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්වයට පත් වීමේ අනතුරක් තිබෙන බවට ඊයේ (29) මාලිගාකන්ද අධිකරණයේ දී ඔහුගේ නීතිඥයා කරුණු දක්වා තිබේ.

මෙයට වසර ගණනාවකට පෙර කෙහෙළිය රඹුක්වැල්ල විදේශගත වී නැවතී සිටි හෝටලයක බැල්කනියෙන් පැනීමට සිදු වීම නිසා සිදු වූ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි ගණනක් ලබා දි තිබිණි. මෙවර බන්ධනාගාර ගත කර සිටීම නිසා පුර්ණ ආබාධිත තත්වයට පත්වීමේ අනතුර පිළිබඳව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

අධිකරණය හමුවේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා පූර්ණ ආබාධිත තත්වයට පත්වීමෙන් පසුව ඇප ලබා දුන්නද ප්‍රතිඵලයක් නොවන බව ය. වැඩි දුරටත් කරුණු දක්වමින් “එවැනි තත්වයකදී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා තම සේවාදායකයාට සුවයක් බලාපොරොත්තු නොවිය හැකි නිසා සුදුසු ඇපයක් මත මුදා හරින්න“ යැයි ඉල්ලා තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *