කිර්ති වික්‍රමරත්න තනතුරෙන් ඉවතට
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කිර්ති වික්‍රමරත්න මහතා කිසිදු පුර්ව දැනුම් දිමකින් සහ අවසරයකින් තොරව 2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විම නිසා ඔහුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම තනතුරෙන් ඉවත් කර ඇත.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කල කිර්ති වික්‍රමරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වි ඇති බවට මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිඛිතව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කරන ලද දැනුම් දිමක් මත ආණ්ඩුකාරවරයා විසින් කිර්ති වික්‍රමරත්න මහතා තනතුරෙන් ඉවත් කල බවට ලිඛිතව දැනුම් දි ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
