Latestදේශීය

දැන් ගම්වල ‘අපි මාළිමාවට’ කිව්වේ නැත්නම් කොන් වෙනවා වගේ හැඟිමක් තියනවා – මනූෂ නානායක්කාර

දිනන්නේ රනිල් – බය නැතිව වැඩ කරන්න.

කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කණ්ඩායම තමයි ජ.වි.පෙ ට සල්ලි දෙන්නේ.

සජිත් කරනවා කියන ඒවා රනිල් කරලා ඉවරයි.

ඝෝඨාභයට වැරදි උපදෙස් දීපු අය දැන් ඉන්නේ සජිත් ලඟ – තව ටිකක් ජවිපෙ ළග  

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යනින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත් කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසිහතරේදී බේරා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනුෂ නානායකකාර පැවසීය.

මීට මාස දෙකකට පෙර බංගලිදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදෙස්ශීය රටවල් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර පිටුපස සිටිය හැකිබව අප අමතක නොකළ යුතුබව ඔහු වැඩි දුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති බොහො කරුණු වත්මන් රජය දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබවත්, එම වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට වඩාත් හොඳ හැකියාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට බවත් ඔහු එහිදි අවධාරණය කළේය.

 ගාල්ල නෙළුව පැවති මහජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

@slleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *