Latestදේශීය

රාජිකා ජංගම දුරකථනය විසන්ධි කර ගත්තේ ඇයි?

පොහොට්ටු පක්ෂයේ සිට රනිල් පිලට එක් වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් හට දැවැන්ත පීඩනයක් එල්ල කෙරෙමින් තිබෙන අතර, එය කොතරම් ද යන්න රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරියට සිදු වූ අත්වැරැද්දෙන් හෙළි වී තිබේ.

පසුගිය දිනක රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලියක් මාවනැල්ල නගරයේ පැවැත්වූ අවස්ථාවේ ”මහින්ද රාජපක්ෂ” යනුවෙන් ප්‍රකාශ වීමෙන් පසුව අසභ්‍ය වචනයෙන් බැණවැදී තිබේ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කාර්යාලයේ ඉහළම නිලධාරියකු බව කියන පුද්ගලයකු මේ ලෙස බැණවැදී ඇති අතර, එයින් කම්පාවට පත් වූ ඇය දින දෙකක් පුරා ජංගම දුරකථනය විසන්ධි කරගෙන සිටි බව හෙළි වේ.

මන්ත්‍රීවරිය එම රැලියේ දී ”ජනතාවගේ දුක, කඳුළ, වේදනාව අඳුනන්නේ නැති අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්දය දෙනවා ද? නැත්නම් ජනතාවගේ දුක, කඳුළ, වේදනාව දන්න මහින්ද රාජපක්ෂ” යනුවෙන් ප්‍රකාශ වූ අතර, ඇය වේදිකාව මත දී කම්පනයට පත් වූ ආකාරය ද සජීවීව දැකගත හැකි විය. එසැණින්ම සිදු වූ වරද නිවැරැදි කරමින්, ”රනිල් වික්‍රමසිංහ” යනුවෙන් නිවැරැදි කළ ද, දරුණු ප්‍රහාරයකට ලක් වී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *