Latestදේශීය

හිස කඳින් වෙන්කළ සිරුරක් කොස්ගොඩ වෙරළේ

කොස්ගොඩ වෙරළ තීරයේ තිබී හිස කඳින් වෙන් වූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

කොස්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මළ සිරුර හඳුනාගත නොහැකි ආකාරයෙන් විකෘති වී තිබීම හේතුවෙන් එම පුද්ගලයා මීට දින ගණනාවකට පෙර මියගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේ තබා ඇති බව සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *