මාතර කොළඹ අධිවේගී බස් නවතී
මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.
අධිවේගී මාර්ග පොරොත්තු බස් රථ සංගමයේ සභාපති මේ බව සඳහන් කළේය.
අයථා ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා කරමින් අදාළ සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ අතර අධිවේගී මාර්ගයේ විවිධ මාර්ග බලපත්‍ර හරහා දිවෙන බස් සේවාවන් සම්බන්ධයෙන් ද මෙවැනි ගැටළු විශාල ගණනාවක් නිර්මාණය වෙමින් පවතින අතර දේශපාලන අධිකාරියේ අතපෙවීම මත හිතූ හිතූ ලෙස මාර්ග බලපත්‍ර ලබාදීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ බස්රථ සේවාව බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි බස්රථ සේවකයින් පවසන්නේ.
බස්නාහිර පලාත් මගී ප්‍රවාහන අධිකාරියේ ඉහළම තනතුරු වලට මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පසුගිය කාලයේ දිගින් දිගටම දක්නට ලැබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

