TNA විශාල කොටස සජිත්ට
එළබෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි, ද්‍රවිඩ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙයි.
එසේම දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් පී. අරියනේත්‍රන් ට සහාය නොදීමට ද ඔවුන් තීරණය කර ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට ද එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

