නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

