Latestදේශීය

කබීර් හෂීම් කර අරින දවස අදයි?

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජකියන් පත් කිරීම සඳහා 05 දෙනෙකුගේ නම් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කරන ලද නමුත් එම නම් 05ම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කර තිබිණි.

එසේ තිබියදී මෙලෙස ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළ ඩී.කේ.පී.යූ ගුණතිලක, බ්‍රිගේඩියර් මන්ජුල අනුජ බාලසූරිය, ඩී.එන් නානායක්කාර, චතුරිකා විජේසිංහ සහ සෝමසිරි ලියනගේ යන 05 දෙනාගෙ නම් යළිත් වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර ඇත.

මෙම නම් 05 අද (03) දිනයේම මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ලෙස පත් කරගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇති අතර එම නම් 05ට මීට පෙර විරෝධය දැක්වූ ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභා සාමාජික සමගි ජන බලවේග මන්ත්‍රී කිබීර් හෂීම් දිනයේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගි නොවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඔහු නොපැමිණයහොත් මෙම නම් 05 පහසුවෙන්ම සම්මත වනු ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *