Latestදේශීය

තවත් 107ක් කොරියාවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 878 වන කණ්ඩායමට අයත් තරුණ තරුණියන් 107 දෙනෙකුද ඊයේ (3) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යන ලදි. මෙම පිරිසට තරුණියන් තිදෙනෙකුද අයත්වේ.


කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා මෙම වසර තුළදී ලාංකිකයින් 3,899 දෙනෙකු පිටව ගොස් ඇති අතර, දෙවන වරට කොරියාවේ සේවය කිරීම සඳහා තවත් ලාංකිකයින් 469 දෙනෙකු මෙම වසර තුළදී පිටව ගොස් ඇත.


ඒ අතරට නිශ්පාදන ක්ෂේත්‍ර‍යේ රැකියා සඳහා 3,630 දෙනෙකුද, ධීවර අංශයේ රැකියා සඳහා 623 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය 8 දෙනෙකුද අයත් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *