Latestදේශීය

තැපැල් ඡන්දය අද(04) සිට දින තුනක්

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී සිදු කෙරේ. තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 04 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අද (04) සහ අනිද්දා (06) දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇත.

මේ අතර අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය. රාජකාරි හැඳුනුම්පත භාවිත කරමින් යම් අයකු තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා පැමිණෙන්නේ නම්, එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරික්ෂා කිරීම සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්යය අධීක්ෂණයට තේරීම් භාර නිලධාරි විසින් පත් කර ඇති නිලධාරියා විසින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි. එසේ නොවන අවස්ථාවකදී රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබානොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *