Latestදේශීය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඔක්කොම රනිල්ට – අජිත් රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට සහ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවත්, එදා භාර දුන් වගකීම රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදිව ඉටු කළ බැවින් මෙවර ජනාධිපතිවරණයේදීත් පොදුජන පෙරමුණේ අති බහුතරය ඒ මහතාට සහය දීමට තීරණය කළ බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන අති බහුතරය අද ඉටු කරමින් සිටින්නේ එදා පොහොට්ටුවේ නායකයන් ගත් නිවැරදි තීන්දුව බවද නියෝජ්‍ය කථනායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය. නියෝජ්‍ය කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පසුගිය දා හම්බන්තොට පැවැති “දිනවමු ශ්‍රී ලංකා” හම්බන්තොට ජන රැලියට සහභාගී වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජනරැලියට මැති ඇමතිවරු, දේශපාලනඥයෝ ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා:

“මම කැමතියි මේ හැමෝටම මම වගේම හොඳ පොහොට්ටුකාරයෝ ටිකක් හඳුන්වලා දෙන්න. නැත්නම් කවුරුත් බලයි අජිත් රාජපක්ෂ විතරයි ඉන්නේ අනිත් කට්ටිය කෝ කියලා. තමුන්නාන්සේලා දන්නවා අද වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොට්ටුකාරයෝ ඔක්කොම ඉන්නේ එක පැත්තක. අපි ඔක්කොම එක පැත්තකට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපේ ප්‍රාදේශීය සභා, නගර සභා 12ක් තියෙනවා. පළාත් පාලන ආයතන. ඒ 12 ම නායකයෝ ඇවිල්ල ඉන්නවා. මං හඳුන්වා දෙන්න කැමතියි. එතකොට එතුමන්ලත් එක්ක තව මන්ත්‍රීවරු 76 දෙනෙක් ඉන්නවා.අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නගර සභා මන්ත්‍රීවරු.ඒ විදියට මේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන්න ගම් මට්ටමේ බිම් මට්ටමේ දේශපාලන බලවේග සියල්ලම දැන් ඒකරාශී වෙලා තියෙනවා . ඒ ඒකරාශී වෙච්ච වෙලාවේ එතනට පැමිණි ආදරණීය තමුන්නාන්සේලා ඔක්කොම පිළිගන්න මම කැමතියි.මෙතන ඉන්න තමුන්නාන්සේලා හැමෝටම මට වගේම ප්‍රශ්න තියෙනවා.අද මේ රැස්වීමට එනකොට ටෙලිෆෝන් කෝල් දෙක තුනක් එනවා යන්න එපා කියලා. ඡන්දෙ දුන්නත් කමක් නෑ යන්න එපා කියනවා. අපි දැන් ඉතාමත් ඓතිහාසික ගමනක් ආරම්භ කරලා තියෙන්නේ. තමුන්නාන්සේලාට අපිට මේ වේදිකාව ටිකක් නුහුරුයි නුපුරුදුයි.හැබැයි අපි මීට අවුරුද්දකට දෙකකට කලින් මේ තීන්දුව ගන්නකොට අපිටත් පාර්ලිමේන්තුවේ දැනුනේ ඒ නුහුරුකමමයි. ඒ නුපුරුදුකමමයි. හැබැයි වසර දෙකක් ගතවෙලා යනකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටට මොනතරම් යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් නායකයෙක්ද කියන එක ගැන අපිට ඉතා හොඳින් අවබෝධ වෙලා තියෙනවා.ඒ නිසා තමයි මේ තීරණාත්මක මොහොතේ අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සියයකට වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි ඒකරාශී වුණේ.”

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *