සජිත් ආවෙ දෙමළ ඡන්ද ටික මගෙන් උදුර ගන්න – රනිල් වික්‍රමසිංහ
ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද තමාගෙන් උදුරාගැනීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය මේ වනවිටත් අසාර්ථක වී ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය ට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.
“අපි හොඳයි, නරකයි දෙකම භාරගන්නවා. සමහරු වගේ අපිට අතීතය අමතක වෙන්නේ නැහැ . අපි එකතු නොවුණානම් මොකක්ද සිදුවෙන්නේ? අපි රට බේරාගත් නිසා ජනාධිපතිවරණය පැවැත්වෙනවා. අනුර සහ සජිත් පැනලා ගියා. අපි භාරගත්තේ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තියෙනවද? අපි කොහොමහරි මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. මම ඉදිරිපත් වුණේ ස්ථාවරභාවය තහවුරු කරන්න”.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

