Latestවිදේශීය

වෙනිසියුලාවේ ගුවන් යානයක් ඇමරිකාවේ අත්අඩංගුවට පත්වෙයි

සම්බාධක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝට අයත් ගුවන්යානයක් තම බාරයට ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 13කට මිලදී ගත් බව කියන එම ගුවන්යානය අමෙරිකානු බලධාරීන් විසින් අත්පත් කරගනු ලැබුවේ ඩොමිනිකන් රාජ්‍යයේදී බවත්, එය මේ වන විට ෆ්ලොරිඩා ප්‍රාන්තයට රැගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගුවන්යානය අත්පත් කරගත් අවස්ථාවේදී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා එහි නොසිටි බව ද වාර්තා වේ.මූල්‍ය වංචා හා දූෂණ සම්බන්ධව චෝදනා ලබා සිටින නිකොලොස් මදුරෝ ඇතුළු වෙනිසියුලාවේ රජයට එරෙහිව අමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධකවලට අනුව එවැනි මිලදී ගැනීම් හෝ අලෙවි කිරීම් තහනම් බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *