Latestක්‍රීඩාවිදේශීය

පෙම්වතා විසින් ගිනිතැබූ ඔලිම්පික් ක්‍රීඩිකාව මියයයි

පැරිස් ඔලිම්පික් උලෙළේ මැරතන් තරගයට සහභාගිවූ උගන්ඩා ක්‍රීඩිකා රෙබෙකා චෙප්ටෙගෙයි (Rebecca Cheptegei) සිය හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් දමා ගිනි තබා දින කිහිපයකට පසු මිය ගොස් තිබෙනබව මීට සුලු මොහොතකට පෙර බීබීසී ය වාර්තා කලා.

පසුගියදා පැවති පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ 33 හැවිරිදි උගන්ඩා මැරතන් ධාවන ශූරිය පසුගිය ඉරිදා මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා තිබුණා.


චෙප්ටෙගෙයි ජීවත් වූ සහ පුහුණුව ලැබූ වයඹදිග කෙන්යාවේ බලධාරීන් පැවසුවේ ඇගේ දියණියන් දෙදෙනා සමඟ පල්ලියේ සිට නිවසට පැමිණීමෙන් පසු ඇය ඉලක්ක කර පෙට්‍රල් ගසා ඇයට ගිනිතබා ඇති බවයි.

ඇගේ පියා ජෝසෆ් චෙප්ටෙගෙයි පැවසුවේ තමන්ට “ඉතා සහයෝගය දක්වන” දියණියක් අහිමි වූ බවත් බලධාරීන් වහා ක්‍රියාත්මකව වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත්ය.


ප්‍රාදේශීය පරිපාලකයෙකු විසින් ගොනු කරන ලද වාර්තාවකින් කියවුනේ ක්‍රීඩිකාව සහ ඇගේ හිටපු සහකරු ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකර ගෙන ඇති බවයි.


චෙප්ටෙගේයි විසින් උගන්ඩාවේ දේශසීමාවෙන් එපිට ට්‍රාන්ස් එන්සෝයා ප්‍රාන්තයේ ඉඩමක් මිල දී ගෙන කෙන්යාවේ ඉහල පෙලේ මලල ක්‍රීඩකයින් පුහුණුව ලබන ඉහල උත්තනාන්ත පුහුණු මධ්‍යස්ථානය අසල නිවසක් ඉදිකර ඇති බව කෙන්යාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

පසුගිය වසරවල සමීක්ෂණ වාර්තාවන්ට අනුව වසරකට කෙන්යාවේ කාන්තාවන් අවම වශයෙන් 34%ක් ශාරීරික හිංසනයන්ට ගොදුරුවී තිබෙන වටපිටාවක ඔලිම්පික් ක්‍රීඩිකාවක් මෙලෙස ගිනිතබා ඝාතනය කිරීම තුළින් හෙළිදරව් වන සමාජ ඛේදවාචකය පිළිබදව ‌ලෝකයේම අවධානය කෙන්යාවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් යොමුවිය යුතු බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් ‌පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *