Latestදේශීය

ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්?

ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල මැදිරියේදී මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇත. 

ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට අතිශය රහසිගත වාර්තාවක් පසුගිය 02 වනදා ඉදිරිපත් කර තිබුණි.

නුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශන සිදු කරන අතර එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදු කරන බව පොලීසිය මහෙස්ත්‍රාත්වරයාට සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලීසියට දැනුම්දී ඇති මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද දැනුම්දී තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *