Latestදේශීය

දයාසිරිට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පසුගිය දිනෙක අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (05) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මන්ත්‍රී වේලු කුමාර් විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව අදාළ ප්‍රකාශය මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර එය දින 14ක් බලපැවැත්වෙන බවද අධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *