Latestක්‍රීඩා

නායකත්වය සත්‍යා සංදීපනීට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය සත්‍යා සංදීපනී හට හිමිව තිබේ.

මීට අමතරව නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද කෞෂානි නුත්‍යාංගනා (විස්සයි-20 තරග 5 යි), ඉමේෂා දුලානි (එක්දින තරග 3 යි විස්සයි-20 තරග 2 යි) සහ තාරිකා සෙව්වන්දි (එක්දින තරග 1 යි විස්සයි-2- තග 3 යි) ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව සිටිති.

බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලට අතර නිල නොවන එක්දින තරග 2 ක් සහ විස්සයි-20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පළමු තරගය මේ මස 08 වැනිදා පනාගොඩදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වනු ඇත. තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් නිමාවට පත් වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම – සත්‍යා සංදීපනී (නායිකා), කෞෂානි නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, පියමි වත්සලා, නිලක්ෂනා සඳමිනී, ඉමේෂා දුලානි, නෙත්මි සේනාරත්න, මල්ලකි මදාරා, දෙව්මි විහංගා, නිමාෂා මදුශානි, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, අමාධි විජේසිංහ, සඳලි වීරසිංහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *