Latestදේශීය

වනාතේ දිනුකගේ ගෝලයෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වනාතේ දිනුකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදීය.

එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 550ක් එම නිලධාරින්ගේ භාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඔහුගෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වනාතේ දිනුකගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු බවය.

මෙම සෝදිසි මෙහෙයුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා නියෝග හා උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම පසුගියදා (05) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ශාන්ත අන්තෝනි දෙමළ විදුහල ඉදිරිපිට මාර්ගයේදී වැටලීමක් සිදු කලහ.

එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *