තැපැල් ඡන්ද කාටද කියලා කාටවත් කියන්න බැහැ – ප්‍රසන්න ගිනිගේ
භාවිතා කරනලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (06) පැවති මාධ්‍යහමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සහ ඔවුන් විසින් මෙහෙයවන සමාජමාධ්‍ය කණ්ඩායම් තමන්ට තැපැල් ඡන්දයේදී වැඩි වාසියක් ඇතැයි කරන ප්‍රකාශ මැතිවරණ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි බවත්, මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතය 90%කට වඩා වැඩි බවත්, කිසිදු මැතිවරණ කඩකිරීමක් වාර්තා නොවූ බවත්ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

