Latestදේශීය

නල්ලූර් කෝවිලට ලක්ෂ දෙකක් එක්ව වේල් රථය ඇදීමේ උත්සවය පවත්වයි

යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ වේල් රථය ඇදීමේ උත්සවය පසුගියදා පැවති අතර ඊට බැතිමතුන් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් සහභාගිවීම නිසා යාපනය නගරය පුරා දැඩි තදබදයක් පැවතුණි.

අධික ජනකායක් සවස් කාලයේ සිටම යාපනය නගරයට ඇදී එන්නට පටන් ගැනීම නිසා නල්ලූර් කෝවිල දෙසට ගමන් ගන්නා සියලුම මාර්ග වාහන ගමනාගමනයට ඉඩ නොතබා වසා දැමීමට පොලිසියට සිදුවුණි.

වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට ජනතාවට උපදෙස් ලබා දී තිබුණි.

මෙවර නල්ලූර් කෝවිලේ වේල් රථය ඇදීමේ උලෙළට ඉන්දියාවේ සිටද පූජකවරු හා බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර යාපනය නගරයේ හෝටල් හා වෙනත් නවාතැන්පළව සියල්ලක්ම අමුත්තන්ගෙන් පිරී පැවතුණි.

සාමාන්‍ය දිනයකදී යාපනයේදී රුපියල් 3000කට මිලට ගත හැකි වූ සාමාන්‍ය පහසුකම් සහිත කාමරයක මේ දිනවල මිල රුපියල් 8000 ක් පමණ වෙයි. නල්ලූර් කෝවිලේ උත්සවයට සහභාගි වන පිරිස නිසා යාපනය නගරයද මේ දිනවල ජනාකීර්ණ නගරයක් බවට පත්ව තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *