Uncategorized

පාකිස්ථාන රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සම්බන්ධව පාකිස්තාන රජය නියෝගයක් නිකුත් කර ඇතැයි එරට පළවන නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වාර්තා කළේය.

පාකිස්තාන රජයේ කීර්තිනාමයට බලපාන කිසිදු අදහසක් හෝ කරුණු ප්‍රකාශ කිරීමට නොහැකි බව සඳහන් කරමින් එම නියෝගය නිකුත් කර ඇත්තේ එරට රාජ්‍ය ආයතනික නීති රෙගුලාසි යටතේ බව ද නිව්ස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය සඳහන් කළේය.

අදාළ නොවන පුද්ගලයන් සමඟ රාජ්‍ය ලිපි ලේඛන සහ තොරතුරු හුවමාරු කරගැනීමට පාකිස්තාන රජයේ සේවකයන්ට අවසර නැති බවත්, පාකිස්තානය සහ සෙසු රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට බලපාන කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය තුළින් ලබාදීමට රජයේ සේවකයන්ට අවසර නැති බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *