Latestක්‍රීඩා

සිංගප්පූරුව වාර්තාගත වෙයි

මොංගෝලියානු කණ්ඩායම ලකුණු 10කට දවාගනිමින් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව සමකිරීමට සිංගප්පූරුව ඊයේ (05) සමත් විය.

එළඹෙන විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය ‘ඒ’ කොටසේ තරගාවලියේදී සිංගප්පූරුව මෙම දක්ෂතාව දැක්වීය.

මැලේසියාවේ බංගිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මොංගෝලියානු ඉනිම ලකුණු 10කට සීමා වූ අතර, ඉන් ලකුණු 02ක් අතිරේක ලකුණු වීමද විශේෂත්වයකි.

මොංගෝලියානු ඉනිමේ පිතිකරුවෝ පස් දෙනෙකුම එකඳු ලකුණක් හෝ රැස්නොකරම දැවීගිය අතර, ඉහළම ඉනිමද ලකුණු 02කට සීමා විය.

කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ සම අයිතිය හිමි අනෙක් රට ස්පාඤ්ඤය වන අතර, ඔවුන් ඉකුත් වසරේ පැවති තරගයකදී යුරෝපියානු දිවයිනක් වන  Isle of Man කණ්ඩායම ලකුණු 10කට දවාගෙන තිබේ.

මෙහිදී මොංගෝලියානු ඉනිම සම්පූර්ණයෙන් අසරණ කරමින් සිංගප්පූරුව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හර්ෂ භරද්වාජ් ලකුණු 03කට කඩුලු 06ක් දවාගැනීමට සමත් විය. 

මෙම පන්දු යැවීමද ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පන්දු යවන්නෙකු දැක්වූ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරට එක්විය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *