අනුර වෙනුවට ටිල්වින්
ජාතික ජන බලවේග නායක එම පක්‍ෂ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාට හදිසි අසනීප තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු සහභාගි වීමට සැලසුම් කර තිබූ මාතර මොරවක ප්‍රදේශයේ ජන හමුවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහභාගි විය.
පසුගිය දින කිහිපයම පුරාම ජනාධිපතිවරණ රැලි අමතමින් වෙහෙස මහන්සි වූ නිසා අනුර දිසානක මහතාට වෛරස් උණ රෝගය වැළඳී ඇති බවද පැවසූ ඔහු සුළු විවේකයක් ගැනීමෙන් පසු නැවතත් වේදිකාවට එක් වනු ඇති බවද එහිදී කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

