Latestවිදේශීය

ජඩේජා මෝදිට එක්වෙයි

විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ජාත්‍යන්තර විස්සයි20 තරගවලින් සමුගත් රවීන්ද්‍ර ජඩේජා දේශපාලනයට පිවිසෙයි. ජඩේජා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී භාරතීය ජනතා පක්ෂයට (BJP) එක් වූවේය. ජඩේජාගේ බිරිය රිවාබා ජඩේජා දැනටමත් ගුජරාටයේ ජම්නගර් ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රීවරියකි.

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ රවීන්ද්‍ර ජඩේජා නිල වශයෙන් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවත්ය.

රවීන්ද්‍ර ජඩේජා පසුගිය කාලයේ පැවති මැතිවරණ සමයේදී තම බිරිය රිවාබා සමඟ භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වන අයුරු දක්නට ලැබිණි. පසුගිය දා ගුජරාට් ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ මැතිවරණ කොට්ඨාසයේ වැඩකටයුතුවලට සහභාගි වූ ඇය ගංවතුරෙන් මිනිසුන් බේරා ගනිමින් සිටියදී ඉණක් තරම් ජලයේ සිටගෙන සිටින වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගියේය.

ඉන්දියාව වෙනුවෙන් විස්සයි20 තරග 74කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 515ක් සහ කඩුලු 54ක් දවාගෙන ඇත. විස්සයි20 පිටියෙන් සමුගැනීමෙන් පසුවද ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින සහ ටෙස්ට් තරගවලට ක්‍රීඩා කරනු ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *