Latestක්‍රීඩාදේශීය

ජනනි ධනංජනි පදක්කමකට දුර මදිවී

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේදී ජනනි ධනංජනි පෙරේදා රාත්‍රියේ T47 කාණ්ඩයෙන් දුර පැනීමේ ඉසව්වට එක් වූ අතර ඇය දැක්වූ දක්ෂතාව මීටර් 4.96කි.

කෙසේ වෙතත් ඇයට පදක්කම් දිනා ගැනීමට නොහැකි වූ අතර, එම ඉසව්වට එක් වූ ක්‍රීඩිකාවන් 11 දෙනකු අතරේ 9 වැනි ස්ථානය හිමි කර ගැනීමට 19 හැවිරිදි ජනනිට හැකි වූවාය.

මේ ඉසව්වේ රන් පදක්කම ඉක්වදෝරයේ කියාරා රොඩ්රිගස් දිනා ගත්තේ මීටර් 6.05ක දුරක් සටහන් කරමිනි.

හංගේරියාවේ පෙට්රා ලුටරන් (මීටර් 5.85) සහ ඩෙන්මාර්කයේ බී.කේ. නොයරිමාර්ක් (මීටර් 5.76) පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *