බංගලාදේශයේ ඇඟලුම් අවස්ථාවන් ඉන්දියාවට
අරගලයෙන් පසු බංග්ලාදේශයේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් ක්ෂේත්‍රය බිඳවැටීමේ අර්බුදයත් සමග විදේශීය ඇණවුම් ඉන්දියාව දෙසට හැරෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෝලීය ඇඟලුම් සන්නාමයන් එලෙස ඉන්දියාව වෙත නැඹුරුවීමට පෙළඹී ඇති බවය.
බංග්ලාදේශයේ උත්සන්න වූ මහජන විරෝධතා හේතුවෙන් එරට ඇඟලුම් කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වුණි.
බංග්ලාදේශය තුළ මේ වනවිට ඇඟලුම් කම්හල් සිය ගණනක් පමණ වසා දැමීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.
ඇතැම් කම්හල්වල වැඩි පඩි ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණ හේතුවෙන් මෙහෙයුම් අඩපණවී ඇති බවද සඳහන් ය.
ඉන්දියාව විසින් පසුගිය සති දෙක තුළ රුපියල් බිලියන ගණනක අපනයන ඇණවුම් ලබාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

