මියන්මාරයේ සයිබර් අපරාධ සදහා යොදාගත් ලාංකිකයින් 20ක් දිවයිනට
මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක් මේ පිරිසට අයත් වූහ.
මොවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබිණි. මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් , පෙරේදා (5) රාත්‍රියේ තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී. 307 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණ තිබිණි.
ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කරගෙන පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත නිවෙස් කරා පිටත් කරහැරීමට පියවර ගෙන තිබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

