Latestදේශීය

වනාන්තරවලට ඇතුළුවෙන්න ආදිවාසින්ට හැඳුනුම්පතක්

ආදිවාසීන් ජීවත් වෙන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ආදිවාසීන් එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීම සඳහා නිරන්තරයෙන් වනසංරක්ෂණ සහ වනජීවී රක්ෂිතයන්ට ඇතුළු වන අතර ඖෂධ, මීපැණි, දර එකතු කිරීම ඇතුළු විවිධ අවශ්‍යතා ඉටුකර ගනී.

එසේ වනයට ඇතුළු වන විට වනසංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ගේ විවිධ හිරිහැරවලට පත්වන බවට රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිලා හෙවත් ඩී.එම්. සුදුබණ්ඩා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල විභාග කළ මානව හිමිකම් කොමිසම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉල්ලීමක් මත ආදිවාසීන්ට වනයට ඇතුළුවීම සඳහා නීත්‍යනුකූල හැඳුනුම්පතක් ලබදීමට එකඟතාව පළකර ඇත.

ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ රතුගල සහ දඹාන ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකරන බවත් හැඳුනුම්පත් නිකුත් කරන්නේ ආදිවාසී නායකයන් ලබාදෙන නාම ලේඛනයට අනුව පමණක් බවත් වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *