සජිත්ගෙන් තමයි ෂේක්ස්පියර් ටියුෂන් අරන් තියෙන්නේ – රනිල් වික්‍රමසිංහ
සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිදු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
විලියම් විලියම් ෂේක්ස්පියර් විනිසිය වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ටියුෂන් පන්තිවලට පැමිණි බවට කතාවක් ඇති බවද ඔහු පැවසුවේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමිනි.
“සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න යන්නේ නැහැ. මොකද එතුමගේ ටියුෂන් පංතිවලට විලියම් ෂේක්ස්පියර් කියන කවියා ආවා කියලා දන්නවද. වැනිසියේ වෙළෙන්දා ලියන්න කලින් එතුමා ඒ පංතියට ආවේ. අපි ඒගැන වාද කරන්න යන්නේ නැහැ.
ඒනිසා මම ටීම් එකක් ගැන කියන්නේ නැහැ. මාව හොදනම් අරගන්න එච්චරයි කියන්නේ. පාර්ලිමේන්තුවට තේරීලා එන අයගෙන් තමයි ටීම් එක තෝරගන්න වෙන්නේ. ඒක මට අවශ්‍ය විදිහට කරන්න බැහැ. ඒ නිසා මොන පක්ෂයේ උනත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට දාන්න.
මේ සැරේ මම ජනාධිපතිවුණාම පාර්ලිමේන්තුවේ හිටපු ටීම් එක මම ගත්තා. මම තෝරන්න ගියේ නැහැ. ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්. නායකයා කියන්නේ එහෙම කෙනෙක්.”
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

