ගීතා දුරකථනයෙන් අමතයි – අප්පච්චි අතහැරිය බව කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇය ඊයේ (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළාය.
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නීය.
එසේම ළමුන් සහ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය නිරන්තරයෙන් පෙනී සිටි අතර ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක සාමාජිකත්වය ඇය දරනු ලබයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

