මම දිගටම අනුරව ප්‍රශ්ණ කරනවා – රනිල් වික්‍රමසිංහ
ජාතික ජන බලවේගයේ (NPP) අපේක්ෂක අනුර කුමාර දිසානායක ගෙන් ප්‍රතිචාර ලැබෙන තෙක් සියලු රැස්වීම්වලදී ඔහුගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(8) පැවසීය.
“උතුරේ ජනතාවට තර්ජනය කළාට සමාව ගන්නවද කියලා මම අනුරගෙන් ප්‍රශ්න කළා. මම යාපනයේදී කළ මගේ මේ ප්‍රකාශයට ඔහු ප්‍රතිචාර දක්වා ඇති බව මට ආරංචි වුණා. ඔහුට අසනීප වී ඇති බව මටත් ආරංචි වුණා. මම ඔහුට ප්‍රාර්ථනා කරනවා. ඉක්මන් සුවය,”
ජනපති රනිල් වික්‍රමසිංහ අද වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ රැලියකදී පැවසීය.
“සුනිල් හඳුනෙත්ති කිව්වා NPP ආණ්ඩුවක් යටතේ අපනයන සැකසුම් කලාප ඇති කරනවා, අපනයන ප්‍රවර්ධනය කරනවා කියලා. ඒත් අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා NPP ආණ්ඩුවක් ලංකාව දැනටමත් ඇතිකරගෙන තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව කොහොමද අපනයන දියුණු කරන්නේ?
දැන් මේ ප්‍රශ්නයට අනුරගේ පිළිතුරු මට අවශ්‍යයි.
@slleader.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

