Latestදේශීය

රටේ සම්පත් ‌‌හොරා කෑ අයට බලයට එන්න දෙන්න එපා – ජනක රත්නායක

(ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්)

මේ රට කාබාසිනියා කරපු අයට නැවතත් ඡන්දය දීලා ඒ අයව බලයට ගේන්න මහජනයා උත්සාහ දරනවා නම් ඒක ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක් බව එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.

ප්‍රධානයි කියාගන්නා දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් දැන් භීතියට පත්වෙලා තියෙනවා. ඒ තමයි විකල්ප අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී පත්වෙයි කියලා.

හේතුව තමයි අපි දන්නවා බැලුවොත් එහෙම සියයට 40ක 50ක ජනතාවක් කාටද ඡන්දය දෙන්නෙ කියන එක තාම නිශ්චිත පදනමක නැහැ. මගේ මැතිවරණ ව්‍යාපාරය කරන්නෙ මහ පාරේ, පොළවල්වල, බස් ස්ටෑන්ඩ්වල, මහජනතාවත් එක්ක. මේ ජනතාවගෙන් අපිට දැනගන්න ලැබිලා තියෙන්නෙ මේ කිසිම ප්‍රධාන අපේක්‍ෂකයකුට ඉදිරියේදී ඡන්දය දෙනවා කියන එක කියන්නෙ නැහැ. හැබැයි සමහරු දැනටමත් දිනපු අය ඉන්නවා. දැනටමත් දිනන අය ඉන්නවා. ඒ නිසා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ඉදිරි සුමාන දෙක ඇතුළත ප්‍රධාන යැයි කියාගන්නා පක්ෂ එකට එකතු වෙලා නැවතත් සන්ධානගත වෙලා මේ තමන්ගෙන් ගිලිහී යන දේශපාලන බලපෑම දේශපාලන අධිකාරිය හොඳට දන්නවා.

මේ දේශපාලන අධිකාරිය අවුරුදු 76ක් තිස්සේ එකට එකතුවෙලා එකට හොරකම් කරලා එකට හොරු බේරලා ජනතාව බංකොලොත් භාවයට පත් කරලා තියෙන්නෙ. මේ ප්‍රධාන අපේක්ෂකයන් කියන කට්ටිය නැවතත් සන්ධාන ගතවෙලා ඉදිරියේදීත් මහජනතාව මුලා කිරීමට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මේක මහජනතාව හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ දේශපාලනයේ ඉන්න මිනිසුන්ට මේකෙන් එළියට යන්න බැහැ. ඒ වගේම දේශපාලනයට මිනිස්සු කැමති නැහැ තව විකල්ප අපේක්ෂකයෙක් ඇවිල්ලා මේ රට භාරගන්නවට. මේ දේශපාලන අධිකාරිය පවුලෙන් පැවතගෙන එන එක අවුරුදු ගාණක් දේශපාලනය කරපු පරිණත යැයි කියාගන්න දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ ඉන්න මෙයාලා එකතු වෙලා නැවතත් මහජනතාව මුලා කරලා බලය අරගෙන මේ රට තව තවත් කාබාසිනියා කිරීමට තමයි මේ අයගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. ඒක අපිට හොඳට තේරෙනවා.

අපි බලන් ඉමු ලබන සුමාන දෙකේ මොකද වෙන්නෙ කියලා. මං දන්නවා ඡන්දය දෙන්න තීරණය කරලා නැති මහජනතාව විකල්ප අපේක්ෂකයෙක් එක්ක සම්බන්ධ වෙන්නෙ. එහෙම තමයි මං හිතන්නෙ මේ රට ගොඩගැනීමට හැකියාවක් තියෙන්නෙ. ඒ සඳහා මම ඉතා උඩින්ම එන්න හේතුව තමයි මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. සාර්ථකව රාජ්‍ය පරිපාලනය කරපු රාජ්‍ය සේවකයෙක්. ඒ වගේම රාජ්‍ය පරිපාලනය ඉගෙන ගත්තු කෙනෙක්. ඒ නිසා මම හිතනවා ඉදිරි මැතිවරණයේදී මහජනතාව සියලු දෙනාම එකතු වෙලා දේශපාලනය නොකරපු මං වගේ පුද්ගලයෙක් ජනාධිපතිවරයා වශයෙන් පත් කරගෙන අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදාගැනීමට කාලය එළැඹී තිබෙනවා.”

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *