Latestවිදේශීය

අදානි බංගලාදේශයෙන් ‌ඩොලර් මිලියන 500ක් ඉල්ලයි

බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම හිඟ මුදල මෙතෙක් නොගෙවීම හේතුවෙන් බංග්ලාදේශයේ විදුලි සැපයුමට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එවකට ශෙයික් හසීනාගේ රජය යටතේ අදානි සමාගම සමඟ අත්සන් තබනු ලැබූ මෙගාවොට් 1600ක ගල් අඟුරු විදුලිය සැපයීමේ ගිවිසුම මිල අධික ගිවිසුමක් බවට පසුගියදා අන්තර්වාර රජයේ ප්‍රධානි මහාචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රකාශ කර තිබූ බව ද වාර්තා වේ.

මේ වන විට බංග්ලාදේශය විශාල බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින බවත්, එම ක්ෂේත්‍රයේ ණය මුදල ඩොලර් බිලියන 3.7 දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අදානි සමාගමට ණය වී ඇති ඩොලර් මිලියන 800කින් මිලියන 492ක් ගෙවිය යුතුව ඇතැයි ද වාර්තා වේ. බලශක්ති අර්බුදය ඇතුළුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ආධාර අපේක්ෂා කරන බව අන්තර්වාර රජයේ බලශක්ති උපදේශක මොහොමඩ් ෆවුසුල් කබීර් ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *