Latestවිදේශීය

පකිස්ථානයට ගංවතුර

පාකිස්තාන පාලනය යටතේ පවතින ගිල්ගිට් බල්ටිස්තාන පළාතේ පසුගියදා හදිසි ගංවතුර තත්ත්වයක් උද්ගත වීමෙන් නිවාස හා භෝග වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මතභේදයට තුඩු දී ඇති කාශ්මීර ප්‍රාන්තයේ පිහිටි ගිල්ගිට් බල්ටිස්තානයේ හදිසි ගංවතුරට හේතුව වී ඇත්තේ එම පළාතෙන් ගලා හැලෙන අතු ගංගාවක දිශාව වෙනස් කිරීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බවට ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගංවතුරට හසුවීමෙන් නිවාස සහ භෝග වගාව විනාශ වීමෙන් දුෂ්කරතාවට පත්ව සිටින එම පළාතේ ජනතාව විරෝධතාවක නිරතව ඇතැයි ද, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන ධීවර කටයුතු, ව්‍යාපාර හා ගොවි බිම්වලට අමතරව ගිල්ගිට් බල්ටිස්තානයේ ප්‍රධාන ගමන් මාර්ගය ද ගංවතුරට විනාශ වීමෙන් ජනතාව දැඩි අර්බුදයකට මැදි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

එම පළාතේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්වීමට දිගු කාලයක් ගත වනු ඇතැයි ද වාර්තා වේ. හදිසි ආපදා වැළැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව කියමින් පළාත්වාසින් රජයට චෝදනා කරමින් විරෝධතාවේ නිරතව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *