Latestවිදේශීය

යාගි සුළි කුණාටුව වියට්නාමයට – පාලමක් කඩා වැටේ – 60කට අධික පිරිසක් මියයයි

ටයිපූන් යාගි සුළි කුණාටුව නිසා මතුව ඇති අධික වර්ෂාවේ බලපෑමෙන් ඊයේ රාත්‍රියේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ රතු ගංගාව හරහා ඉදිකර ඇති වානේ පාලම කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්ය බහුල පාලමක් වන මෙය කඩා වැටෙන විට එය මතින් ගමන් කළ වාහන රැසක් ගගට වැටී ඇතැයි ද එනිසා අතුරුදන් වූවන් ගණන ද විශාල බව සඳහන් කරයි.සියගණනක් තුවාල ලබා ඇති බවද වාර්තාවේ.පැයට කිලෝමීටර් 203ක පමණ වේගයෙන් හමා ගිය මෙම සුළි කුණාටුව වියට්නාමයට වසර 30කට පසු බලපෑ දරුණුතම ව්‍යසනය බව ද සදහන් කරයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *