නීති විරෝධී කහ කිලෝ 470ක් හමුදා බාරයට
නාවික හමුදාව පසුගියදා (10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින් පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ ඊයේ
සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබූ උර දහ හතරක (14) අසුරන ලද වියළි කහ කිලෝ ග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

