Latestදේශීය

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 98%ක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද භාවිතය 98% ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

මේවන විට ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබේ.

10 වනවිට රක්ෂිත පැකට්ටු වලින් 85%ක් ඒ ඒ ප්‍රදේශ වල තේරීම් භාර නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසීය.

මේ අතර පසුගිය 04,05 සහ 06 තෙදින තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට 11 සහ 12 සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඒ අනුව සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *