Latestදේශීය

ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණයකින් වැඩිවෙලා – වෝටර් ටකර්

ශ්‍රී ලංකාවේ දුප්පත් කම 2021 සිට 2023 දක්වා කාලය තුළ දෙගුණයකින් වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

වංචා හා දූෂණ අවසන් කිරීමටත් බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවලට වසර දෙකක කාලයක් ගතවී ඇති බවත් එහිදී සැබෑ වෙනසක් ලබාදෙන බව පාලකයන් පොරොන්දු වුවද අදටත් එම ඉල්ලීම් බොහොමයක් ඉටු කර තැනි බවත් මහ කොමසාරිස් වෝකර් ටර්ක් එහිදී පවසා ඇත.

විශේෂයෙන්ම 2021 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණවී ඇති බවත් ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරා ගැනීමටත් අධ්‍යාපනය සහ බලශක්තිය අතරින් එකක් තෝරා ගැනීමටත් සිදුව ඇති අසරණ වන පවුල් සංඛ්‍යාව දිනෙන් වැඩිවී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන් 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයද ලබා ඇත්තේ සීමා සහිත ප්‍රගතියක් බවත් එම ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට දිගටම ඉහළ තනතුරු ලැබෙමින් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් වැඩි දුරටත් පවසා ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *