හුස්ම පොදක් දුන්න රනිල් සහ පැනල ගිය සජිත් ගැන ගීතා කියූ දේ
පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මෙයට සතියකට පෙර සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර ඇති අතර, ඒ කිසිත් නොතකා කැඳවා ගෙන ඇත.
සජිත් පිලේ සිටි තලතා අතුකෝරල එම පිල අත්හැර යාමට එකට එක කිරීමක් ලෙස ගීතා කුමාරසිංහ එක්කර ගනු ලැබීය. එහෙත් තලතා අතුකෝරල රනිල් වික්‍රමසිංහට ප්‍රහාර එල්ල නොකර අතර ගීතා කුමාරසිංහ සජිත් ප්‍රේමදාස වෙත විවේචනාත්මක ප්‍රහාර එල්ල කර තිබිණි.
සතියකට පෙර ඇය ප්‍රකාශ කර තිබුණේ “සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දැන් කයිවාරු ගැහුවාට එදා ගිහිල්ලා හැංගුනා. අපි වෙව්ලුවා අපිට කර ගන්න දෙයක් නැතිව. ගෝඨාභය මහත්තයා යනකොට අපි අසරණයි කියලා හිතුනා. එහෙව් රටක හුස්ම ගන්න බැරිව හිටපු අපිට හුස්ම පොදක් දුන්නේ රනිල් වික්‍රමසිංහ“ යනුවෙනි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

