බලශක්ති නියාමනයට ආයතනයක්
බලශක්තිය අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත්ව තිබූ කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ බලශක්ති අංශවලට නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මේ කමිටුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පත්කර තිබුණි.
එම කමිටුව විසින් මෙසේ බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දියයුතු බවට නිර්දේශ කර තිබේ.
එසේම ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් මේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

