තැපැල් ඡන්ද අදින් අවසන්
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවසන් දිනය අදයි.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබා දී තිබෙයි.
ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු සියලු රාජ්‍ය සේවකයින්ට අද දින තම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවයි කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දදායකයින් සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය මැතිවරණ කාර්යාලයට ගොස් ඡන්දය භාවිත කිරිමේ හැකියාව පවතියි.
තැපැල් ඡන්ද භාවිත කිරිමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඒ සදහා වෙනත් කිසිදු දිනයක් ලබා නොදන බව ද මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

