Uncategorized

අසිත සහ ලහිරු ගැන ඉයන් බිෂොප් ප්‍රශ්ණ කරයි

එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ගැන සඳහන් කරමින් ප්‍රවීණ විස්තර විචාරකයෙක් වන ඉයන් බිෂොප් X පණිවුඩයක් නිකුත්කර තිබේ.

ඔහු එම X පණිවුඩයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් විමසා ඇත්තේ එළැඹෙන සිව් වසර සඳහාවත් ඔවුන් දෙදෙනාගේ ශාරීරික යෝග්‍යතාවය හොඳ තත්ත්වයක පවත්වාගෙන යමින්  එම කාලය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් පන්දුයැවීම ඔවුන් දෙදෙනා මූලික කරගෙන පවත්වා ගෙන යා හැකිදැයි ඔහු විමසා තිබුණි. 

27 හැවිරිදි වියේ පසුවන ළහිරු කුමාර මේ දක්වා ටෙස්ට් තරග 30කට ක්‍රීඩාකර කඩුලු 96ක් දවාගෙන තිබේ. ඔහු පසුගිය එංගලන්ත සංචාරයේදී දෙවැනි සහ තුන්වැනි ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කර කඩුලු 11ක් දවා ගත්තේය.

මේ අතර 27 හැවිරිදි වියේ පසුවන අසිත ප්‍රනාන්දු එංගලන්තය සමග පැවති ටෙස්ට් තරග තුනේදී කඩුලු 17ක් දවා ගත්තේය.

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 17කදී කඩුලු 62ක් දවාගෙන තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *