Latestදේශීය

බොරු රැලිවලට බයවෙන්න එපා, දිනන්නේ රනිල් වික්‍රමසිංහ – මනූෂ නානායක්කාර

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේ යැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බය වෙලා පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම බොරු රැල්ලට බිය නොවන ලෙසත් මනුෂ නානායක්කාර පවසයි.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා බෙන්තොට ප්‍රදේශයේ ඊයේ (13) සවස පැවති කුඩා කණ්ඩායම් ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර,

“දැන් එක පැත්තකින් කොටස් වෙළදපොල දවසින් දවස කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොලේ ආයෝජනය කරලා තියෙන අය කොටස් වෙළදපොලෙන් සල්ලි ගන්නවා. බැංකුවල සල්ලි දාලා තියෙන අය බැංකුවලින් සල්ලි ගන්නවා. පුලුවන්කමක් තියෙන අයගේ දරුවෝ වෙනත් රටවලට යවනවා.

එනවා කියන බොරු රැල්ලට බය වෙලා තමයි මෙහෙම වෙන්නේ.

බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන අය ඒවා විකුණන්න හදනවා කියලා බ්ලූම්බර්ග් ආයතනය කියලා තියෙනවා. රක්ෂණ සමාගමකින් මට දැන් ටිකකට කලින් තොරතුරක් ලැබුණා. ඒ සමාගමේ අලුතින් බිලියන 4ක රක්ෂණ කරලාතියෙනවා. කැරලි කෝලහාල ඇතිවෙන්න පුලුවන් කියලා බයවෙලා කැරලි කෝලහල රක්ෂණ දාලා තියෙනවා.

බය වෙලා මෙහෙම කරන්නේ. ඒත් ඔය බොරු රැලිවලට බය වෙන්න එපා. 21 වැනිදාට හැදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. ඒක මතක තියාගන්න. මේ බොරු රැලිවලට බය වෙන්න එපා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *