Latestදේශීය

වතු කම්කරු අවම මූළික වැටුප රුපියල් 1350යි

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක්

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර ගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව දෛනික අවම මූලික වැටුප රුපියල් 1350 ක් වන අතර අමතරව නෙළන එක් තේ දළු කිලෝවක් සදහාම රුපියල් 50 ක අමතර මුදලක් ගෙවිය යුතු වේ. රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයින් ලබාගන්නා අමතර එක් රබර් කිලෝවක් සදහා මෙම අමතර ගෙවීම කළ යුතු වේ.

ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාවය අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබගත හැකිවේ.

මෙම ගැසට් නිවේදනය අනුව වතු සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සදහා වන අවම සීමාවද රුපියල් 1350 දක්වා ඉහළ යයි.

මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වේ.

1 kamkaru
2 kamkaru


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *