Latestදේශීය

සජිත් ජනාධිපති වුනාම රජකාලේ නීතියට රට පාලනය කරනවා

ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංඟුන වැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

කුලියාපිටිය ප්‍රදේශයේදී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

“ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා දේවාලගම් පනතේ අල්ප මාත්‍රයක් වෙනතුරු සංශෝධනය කරලා නැහැ.

මේ රට තියෙන්නේ පෘතුගීසිකාරයා යටත් කරගන්න පෙර තිබුණු අපේ රට නිර්මාණය කරලා දීපන් කියල අපි කිව්වේ සජිත් ප්‍රේමදාසට. ඊට පස්සේ ඔහු පිළිගත්තා අපිට අපේ රටේ තිබුණු නීතියයි අවශ්‍ය කියල.

අද අපිට පුළුවන්ද සුද්ද ගැසට් කරලා තියෙන අවුරුදු එකසිය ගාණක් තියෙන පුරාවිද්‍යා නීතියට අනුව කොඩියක් දාන්න පුළුවන්ද? ලෙනක බුදු පිළිමයක් තියන්න පුළුවන්ද? අපේ තන්තිරිමලේ නායක හාමුදුරුවෝ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් තියනවා තන්තිරිමලේ.

රන්වැටක් දැම්මා කියල පුරාවිද්‍යා එකෙන් නඩු දාලා. කෝ බෞද්ධකම මේ රටේ. මේ රට පාලනය කළ බෞද්ධ නායකයෝ මේක සංශෝධනය කළාද? සුද්දා යන කොට යතුරු දාලා ඉබ්බො දාලා යතුර අරන් ගිහින්. ඇරගන්න යතුර නැහැ”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *